ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය



ඇමෙරිකාවේ 45 වැනි ජනපති වීමට නියමිත ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ ද අනුමැතිය හිමිවී ඇත.

සම්ප්‍රදායට අනුව ඇමෙරිකන් ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු, එම අපේක්ෂකයාට අවසානයේ ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය යුතුවෙයි. 

ඒ අනුව, කිසිදු බාධාවකින් තොරව, ට්‍රම්ප් ලබන 20 වැනිදා ඇමෙරිකා ජනාධිපති ධුරයේ දිවුරුම් දෙනු ඇත.

පසුගිය නොවැම්බර් අට වැනිදා පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැවැති සියලු අර්බුද මේ අනුව අවසන් වන බව ද ඇමෙරිකන් දේශපාලන විචාරකයෝ පවසති.

ජනපතිවරණයේ දී ට්‍රම්ප්ට වාසි වන අයුරින් ප්‍රතිඵල වෙනස්වුණු බවත්, ප්‍රතිඵල එසේ වෙනස් වූයේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ මෙහයවීමෙන් එරට පරිගණක දත්ත සොරුන් නැතහොත් හැකර්වරුන් ජනපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කළ නිසා බවත් චෝදනා එල්ල වී තිබුණි.

 

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS