ඩිමොක‍්‍රටික් මන්තී‍්‍රවරියන්ට ජනපති ට‍්‍රම්ප් දෙහි කපයි



ට‍්‍රම්ප් පරිපාලනය විවේචනය කළ හෙයින්, විදෙස් සම්භවයක් සහිත ප‍්‍රතිවාදී ඩිමොක‍්‍රටික් මන්තී‍්‍රවරියෝ සිවුදෙනෙක් ට‍්‍රම්ප්ගේ දැඩි දෝෂදර්ශණයට ලක් වී සිටිති.

මොවුන් සිවුදෙනා කොංග‍්‍රස් මන්තී‍්‍රවරියන් වන ඇලෙක්සැන්ඩි‍්‍රයා ඔකාසියෝ කෝටේස්, රෂීදා ලයිබ්, අයානා ප්‍රෙස්ලි සහ ඉල්හාන්  ඕමාර් ය. ට්විටර් පණිවුඩයක් හරහා දොස් නගමින් ට‍්‍රම්ප් මෙම මන්තී‍්‍රවරියන්ට පවසා ඇත්තේ ඇමෙරිකාවෙන් පිටවී ආපසු තම තමන්ගේ රටවලට යන ලෙසටය.

ඇලෙක්සැන්ඩි‍්‍රයා ඔකාසියෝ කෝටේස්, රෂීදා ලයිබ් සහ අයානා ප්‍රෙස්ලි තිදෙනා විදෙස් සම්භවයක් ඇති ඇමෙරිකාවේ උපත ලැබූවන්ය. ඉල්හාන්  ඕමාර් කුඩා කළ ඇමෙරිකාවට සංක‍්‍රමණය වී ඇමෙරිකාවේ පුරවැසිභාවය හිමිවුණු තැනැත්තියකි.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS