ට්‍රම්ප්ට ලිපියක් ලැබිලා



උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගෙන් තවමන්ට ලිපියක් ලැබුණු බවත්, කිම් ජොන් උන් සහ තමා අතර දෙවැනි හමුව ඉදිරි මාස කිහිපය ඇතුළත සිදුවෙනු ඇති බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ගේ මැදිහත් වීමෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර පළමු හමුව පැවැත්වූයේ පසුගිය ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදීය.

එම හමුව සාර්ථක වූවා පමණක් නොව, උතුරු කොරියා නායකයා න්‍යෂ්ටික අවිහරණයක් සඳහා කැමැති කර ගැනීමට ද තමන්ට හැකිවුණැයි ජනපති ට්‍රම්ප් සිහිපත් කරයි.

මේ වනවිට උතුරු කොරියා නායක කිම් ජොන් උන්, න්‍යෂ්ටික අවිහරණයට මුලපුරා ඇති බවත්, එම කටයුතු පියවරෙන් පියවර සිදුවෙමින් පවතින බවත් තමන්ට වාර්තා වී ඇතැයි ජනාධිපති ට්‍රම්ප් වැඩි දුරටත් කියා සිටී.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS