ට්‍රම්ප්ගේ ශීතකරණ අලුත් කරන්න මිලියන 24 ක්



ඇමෙරිකා ජනපතිගේ නිල ගුවන් යානයේ ඇති ශීතකරණ අලුත් කිරීමට, ඇමෙරිකන් වැසියන්ගේ බදු මුදලින් ඇමෙරිකන් ඩොලර් මිලියන 24 ක මුදලක් වැය වනු ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය හැඳින්වෙන්නේ ‘එයාර් ෆෝස් 1’ යනුවෙනි. මෙය බෝයිං ගුවන් යානයකි. ‘එයාර් ෆෝස් 1’ යානයේ කුඩා ශීතකරණ පහක් ඇත.

ගුවන් යානයේ අලුත්වැඩියා කටයුතු සඳහා ට්‍රම්ප් පරිපාලනයේ උපදෙස් මත ඇමෙරිකන් ගුවන් හමුදාව බෝයිං ගුවන් සමාගමට ඇමෙරිකන් ඩොලර් 23,657,671 ක මුදලක් වැය කිරීමට සූදානම් බව එරට පුවත් සේවා පෙන්වා දෙයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS