ට්‍රම්ප් හෙට ඉන්දියාවේ



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පිළිගැනීමට ඉන්දියාව සූදානමින් සිටින බව වාර්තා වේ. ට්‍රම්ප් හෙට (24) ඉන්දියාවට පැමිණෙනු ඇත්තේ දෙදින නිල සංචාරයක් සඳහාය.

ජනපති ආර්යාව මෙලානියා ද මෙම ඉන්දීය සංචාරයට පැමිණෙනු ඇත. ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වීමෙන් පසු ඉන්දියාවට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.

ඉන්දු ඇමෙරිකා ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට, වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමට ඉන්දියා අග්‍රාමාත්‍යවරයා සමඟ ජනපති ට්‍රම්ප් සාකච්ඡා කරනු ඇතැයි පැවැසෙයි.

ඊට අමතරව, ඉන්දීය රජයේ නව පුරවැසි පනත පිළිබඳවත්, ඉන්දියාවේ ආගමික නිදහස පිළිබඳවත් ඇමෙරිකන් ජනපතිවරයාගේ අවධානය යොමු වනු ඇති බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS