ට්‍රම්ප් වෛද්‍ය සහතිකය ලියාගෙන



2015 ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරඟ වැදුණ ඩොනල්ඩ් ට්‍රම්ප් එම අවධියේ "පුදුමාකාර විශිෂ්ට මට්ටමේ ශරීර සෞඛ්‍යයකින් පසු වෙන" බව පැවසෙන වෛද්‍ය වාර්තාව ඔහු විසින්ම ලියා ගන්නා ලද එකක් බව ඔහුගේම හිටපු වෛද්‍යවරයා පවසයි.

එම තොරතුරු ඇතුළත් වෛද්‍ය වාර්තාවට තමා අත්සන් කළත් එය ලියා ගන්නා ලද්දේ එවක ජනාධිපති ධූර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ම යැයි වෛද්‍ය හැරල්ඩ් බොර්න්ස්ටීන්කියාසිටී.

ඩොනල්ඩ් ට්‍රම්ප් "අති විශිෂ්ට ශාරීරික ශක්තියකින් සහ දරා ගැනීමේ ශක්තියකින් සමන්විත එසේම ඇමෙරිකානු ඉතිහාසයේ ජනාධිපති පදවියට පත් කර ගනු ලබන අතිශයින් නිරෝගී පුද්ගලයා" වනු ඇතැයි ද එම ලිපියේ දැක්වේ.

එම වෛද්‍ය වාර්තාව නිකුත් කරනු ලැබීමට සති කීපයකට පෙර 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කළ ඩොනල්ඩ් ට්‍රම්ප්, වෛද්‍ය හැරල්ඩ් බොර්න්ස්ටීන්ගේ වාර්තාව අනුව සිය ශරීර සෞඛ්‍යය "පරිපූර්ණ ඉහළ මට්ටමක " පවතින බව පෙන්නුම් කෙරෙන්නේ යයි කියා සිටියේය.

"ගුණාත්මක ජානවල පිහිට ලැබීමට තරම් මම වාසනාවන්තයකුව සිටිමි" ඇමෙරිකානු ඉතිහාසයේ ජනාධිපති පදවියට පත් වෘද්ධතම තැනැත්තා ලෙස ඉතිහාසගත ඩොනල්ඩ් ට්‍රම්ප් සිය 'ෆේස්බුක්' පිටුවෙහි ලියා තැබීය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුධිර පීඩනය සහ ඔහුගේ ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණයන්හි ප්‍රතිඵල "පුදුමය දනවනසුලු ඉහළ මට්ටමක" පවතින බව ඉහත කී වෛද්‍ය වාර්තාවේ දැක්වේ.

එසේම ඔහු පිළිකා වැනි ව්‍යාධියකින් නොපෙළෙන අතර වයස අවුරුදු දහයේ දී උණ්ඩුක පුච්ඡය ඉවත් කරනු ලැබීම හැරුන විට වෙනත් කිසිදු ශල්‍ය කර්මයකට භාජනය කර නැති බවත් එම වාර්තාව දක්වයි.එම වෛද්‍ය වාර්තාව අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් මත්පැන් හෝ දුම්කොළ නිෂ්පාදන භාවිතය සහිත ඉතිහාසයක් හිමි චරිතයක් නොවේ.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS