ට්‍රම්ප්-මෙලානියා රණවිරු සැමරුමට



ඇමෙරිකන් ජනාධිපතිවරණය අවසන්වීමෙන් පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා ඊයේ (11) ප්‍රසිද්ධියේ පෙනී සිටියහ. ඒ, වොෂින්ටන් හි ආලින්ටන් ජාතික සුසාන භූමියේ පැවැත්වූ රණවිරු සැමරුමට සහභාගී වෙමිනි.

‘වෙට්ට්‍රන්ස් ඬේ’ නමින් හැඳින්වෙන රණ විරු සැමරුම වාර්ෂිකව පැවැත්වෙයි. එහිදී ඇමෙරිකානු සොල්දාදුවන්ට ගෞරව කිරීම සහ ඔවුන් ඇගයීම සිදුවෙයි. සැමරුම පැවැත්වෙද්දී වර්ෂාවෙන් බාධා එල්ල වුවත්, ට්‍රම්ප් සහ මෙලානියා ඊට එක්ව රණ විරුවන්ට ආචාර කළේ යැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ.

මේ අතර, ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස තේරී පත් වුණු ජෝ බයිඩන් සහ බිරිඳ ජිල්, පිලිඩෙල්ෆියාවේ කොරියානු යුද ස්මාරකයට ගොස් එහි පැවැති රණ විරු සැමරුම් උත්සවයකට සහභාගී වූහ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS