ට්‍රම්ප් බදු ගෙවීම් පැහැර හැරලා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් බදු ගෙවීම් පැහැර හැර ඇතැයි ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත අනාවරණය කර තිබේ.

කෝටිපති ව්‍යාපාරිකයකු ද වන ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත් වූයේ 2016 ජනාධිපතිවරණයෙනි. නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කර ඇති අන්දමට 2016 දීත් 2017 දීත් ට්‍රම්ප් ආදායම් බදු ලෙස ගෙවා ඇත්තේ ඇමෙරිකන් ඩොලර් 750 ක් පමණි.

ජනපති ට්‍රම්ප් පසුගිය 15 වසරක කාලයේ වසර 10 ක් ආදායම් බදු ගෙවා නොමැති බවත් පැවැසෙයි. 2018 වසරේ දී ට්‍රම්ප් ගෙවිය යුතු මුදල වී ඇත්තේ ඇමෙරිකන් ඩොලර් මිලියන 427.4 ක් බව ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත වැඩි දුරටත් අනාවරණය කර තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS