ට්‍රම්ප් දියණියට කඩේ ගිය ධවල මන්දිර උපදේශිකාව !



ඇමෙරිකා ජනපති දියණි ඉවන්කා ට්‍රම්ප් ගේ  විලාසිතා නිෂ්පාදන මිලදී ගන්නා ලෙස ජනාධිපති ට්‍රම්ප්ගේ ආධාරකාරියක් වන ධවල මන්දිරයේ උපදේශිකා කෙලියෙන් කොන්වේ ෆොක්ස් රූපවාහිනිය මගින් කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් අමෙරිකාවේ නිදහස් මතධාරීන් ගේ දැඩි විවේචනයට ලක්වෙමින් පවතී.

කෙලියෙන් කොන්වේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයන් දැඩි විවේචන එල්ලකළත් ඇයට තවදුරටත් ජනාධිපති ට්‍රම්ප්ගේ සහාය හිමිවන බව ධවල මන්දිරය ඊයේ (13) ප්‍රකාශ කළේය.

ආචාරධර්ම සම්බන්ධයෙන් පවතින ෆෙඩරල් නීතිරීති අනුව 'ධවල මන්දිර සේවකයන් "කිසියම් නිෂ්පාදනයක්, සේවාවක් හෝ ව්‍යාපාරයක්" සම්බන්ධයෙන් සහතික ලබා දීමෙන් වැළකිය යුතුය.

නමුත් ඒ සියල්ල කඩකරමින් ඇයගේ එම ප්‍රකාශය විවේචනයට ලක් කරමින් රිපබ්ල්කන් කොංග්‍රස් සභික ජේසන් චැෆට්ස් කියා සිටියේ, ජනාධිපති දියණි වන ඉවන්කාගේ විලාසිතා නිෂ්පාදනවලට රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරයක් ලබා දීම වැරදි සහගත බවය.
මේ අතර 'නෝර්ඩ්ස්ටෝම්'වෙළඳ ජාලය සිය දියණියට "ඉතා අසාධාරණ" අයුරින් සලකා ඇතිබව ජනාධිපති ට්‍රම්ප් 'ට්විටර්' නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා කියාසිටියේය.ඊට හේතව වූයේ අදාළ සමාගම විසින් ඉවන්කාගේ අයිතිය ඇති ඇගලුම් හා පාවහන් නිෂ්පාදන සමාගමේ නිෂ්පාදන මිළඳී ගැනීම ප්‍රතික්ෂේප කර සිටීමයි.

ජනාධිපති ට්‍රම්ප්ගේ දරුවන් අතුරින් සමාජයේ වැඩි අවධානය දිනාගත් චරිතය සේම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ළගින්ම ඇසුරු කරන දරුවා  ලෙස ඉවන්කා හැඳින්විය හැක. ඇය ට්‍රම්ප්ගේ පළමු විවාහක බිරිඳ වූ නිරූපන ශිල්පිනී ඉවානාගේ එකම දියණියයි. 

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි........

 

 


RECOMMEND POSTS