ට්‍රම්ප් ජාතිය අමතයි



තුතිපුදකිරීමේ දිනය වෙනුවෙන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජාතිය අමතමින් කියා සිටියේ ඇමෙරිකාවේ ලොකු පිබිදීමක් දකින්න ලැබෙන බවය.

ඇමෙරිකාව ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමෙහිලා ඇමෙරිකන් වැසියන් එකාමෙන් සහයෝගයෙන් කටයුතු කරනවා යැයි ද ට්‍රම්ප් මිනිත්තු 4 කට සීමා වුණු සිය කතාවේ දී කියා සිටියේය. ට්‍රම්ප් තුතිපුදකිරීමේ දිනය වෙනුවෙන් ජාතිය ඇමැතූ පළමු අවස්ථාව මෙය විය.

තුතිපුදකිරීමේ නිවාඩු දිනය නිමිත්තෙන් ට්‍රම්ප්, බිරිය මෙලානියා සහ පුතු ඉවන්කා මේ වනවිට සිටින්නේ ෆ්ලොරීඩාවේය.
 ඇමෙරිකන් වෙරළාරක්ෂක නිලධාරීන් එක්රොක් කර ගනිමින් තුතිපුද කිරීමේ දිනය නිමිත්තෙන් විශේෂ සාදයක් ට්‍රම්ප් සහ මෙලානියාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS