ට්‍රම්ප් ගොඩනැගිල්ලේ ගින්නක්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට අයත් නිව්යෝක් නුවර පිහිටි ට්‍රම්ප් කුලුන නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලේ 50 වැනි මහලේ ගින්නක් හටගත්තේය.

51 ක් හැවිරිදි පුද්ගලයකු ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත් වුණු බව පසුව වාර්තා විය. ගින්න නිවා දැමීමට නිව්යෝක් ගිනි නිවන භටයෝ යුහුසුළුවූහ. ඔවුන්ගෙන් සිවු දෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කළ බව පැවැසිණි.

මීට පෙර ද අවස්ථා කිහිපයදී ට්‍රම්ප් කුලුන නමැති මෙම ගොනැගිල්ලේ ගිනි අනතුරු සිදුවී ඇති බව ද ඇමෙරිකන් මාධ්‍ය පෙන්වා දෙයි. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනපතිවරයා ඔවුන්ට ප්‍රසංශා කර ඇති බව ද වාර්තා වේ.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහුගේ ව්‍යාපාර මූලස්ථානය පමණක් නොව, නිව්යෝක් නුවර නවාතැන ද වන්නේ මෙම ගොඩනැගිල්ලය. ගින්නට හේතුව සෙවීමට පරීක්ෂණයක් පැවැත්වෙන බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS