ට්‍රම්ප් එෆ්.බී.අයි. ප්‍රධානියා නම් කරයි



ඇමෙරිකා එෆ්.බී.අයි. පරීක්ෂණ කාර්යාංශයේ නව ප්‍රධානියා ලෙස ක්‍රිස්ටෝපර් වේරි නම් කිරීමට ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ.

ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් නව ප්‍රධානියා ලෙස ක්‍රිස්ටෝපර් වේරි නම් කිරීමෙන් පසු, ඔහුට එම පත්වීම හිමිවන්නේ සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණහොත් පමණි.

ක්‍රිස්ටෝපර් වේරි හිටපු ෆෙඩරල් විනිසුරුවරයකු ද වෙයි. තමා ක්‍රිස්ටෝපර් වේරි එෆ්.බී.අයි. ප්‍රධානියා ලෙස නම් කරන බව ජනපති ට්‍රම්ප් කියා සිටියේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS