ට්‍රම්ප් ආසියා සංචාරයකට සූදානම්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ලබන නොවැම්බර් මාසයේ ආසියානු සංචාරයක නියැලීමට සූදානමින් සිටින බව ධවල මන්දිරය කියයි.

දින 11 ක් තිස්සේ එම සංචාරය සිදුවනු ඇති බවත්, ජනාධිපති ට්‍රම්ප් ජපානය, චීනය, දකුණු කොරියාව, ඇමෙරිකාවට අයත් හවායි දූපත් රාජ්‍යයට යෑමට නියමිත බවත් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ආසියානු සමුළු කිහිපයකට සහභාගී වීමේ ද අරමුණින් ජනාධිපති ට්‍රම්ප් ආසියානු ද සංචාරයේ නියැලෙන බව ද පැවැසෙයි. චීන සහ දකුණු කොරියානු සංචාරයේදී ට්‍රම්ප් උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව සිටින බව ද වාර්තා වේ.

චීන රජය පවසා ඇත්තේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් උණුසුම් ලෙස පිළිගැනීමට තමන් සූදානමින් සිටින බවය.

කෙසේ නමුත් ඇමෙරිකාව තම එදිරිවාදියකු වන තායිවානය සමඟ සමීප සබඳතා පැවැත්වීමට උත්සාහ ගැනීම සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද පැවැසෙයි.

ඇමෙරිකා ජනාධිපති ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් එම ධුරයට පත් වූයේ මේ වසරේ ජනවාරියේය. පළමු විදෙස් සංචාරය ලෙස ඔහු සෞදි අරාබියට ගියේය. ඔහු ආසියානු සංචාරයක නියැලෙන පළමු අවස්ථාව මෙය වනු ඇත.

බොහෝ දෙනාගේ අපේක්ෂාව වූයේ ට්‍රම්ප් ඉන්දීය අගමැති මෝදි හමුවීමට ඉන්දියාවට ද පැමිණෙනු ඇතැයි කියාය. කෙසේ නමුත් මෝදිගේ මෙම ආසියානු සංචාරයට ඉන්දියාව අයත් වන්නේ නැත. කෙසේ නමුත් ආසියානු සමුළු අතරතුරේ ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ මෝදි අතරේ හමුවක් පැවැත්වෙනු ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS