ට්විටර්-ෆේස්බුක් ට්‍රම්ප් කළ ප්‍රකාශ හංගයි



වෛද්‍ය උපදෙස් නොතකා යළි ධවල මන්දිරයට පැමිණි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුම ඔස්සේත් ෆේස්බුක් ගිණුම ඔස්සේත් ප්‍රසිද්ධ කළ ඇතැම් සටහන් ඉවත් කිරීමට ට්විටර් සමාගම සහ ෆේස්බුක් සමාගම පියවර ගෙන ඇත.

ඉවත් කර ඇතැයි පැවැසෙන්නේ, කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ට්‍රම්ප් සෞඛ්‍ය උපදෙස් සැලකිල්ලට නොගනිමින් දමා ඇති සටහන් යැයි ද පැවැසෙයි. තෙදිනක් රෝහල්ගතව සිටි ට්‍රම්ප් යළි ධවල මන්දිරයට පැමිණියේ වයිරසය සුවවීමට පෙර ආසාදිතයකු ලෙසය.

ධවල මන්දිරයට පැමිණි ට්‍රම්ප් මුහුණු ආවරණ නොමැතිව, වයිරසයට බිය නොවන්නැයි ජනතාව දැනුවත් කිරීමට පටන් ගත්තේය. වෛද්‍ය උපදෙස් හෙලා දකිමින්, ජනපති ට්‍රම්ප් සිය මතය සමාජගත කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බැවින්, වයිරසය සම්බන්ධයෙන් ට්‍රම්ප් පළ කළ සටහන් ඉවත් කිරීමට සිදුවුණු බව සමාජ මාධ්‍ය පෙන්වා දෙයි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS