ටයිම් සඟරාවට ට්‍රම්ප් බෑ කීවාලු



පසුගිය වසරේ මෙන් මේ වසරේ ද ඇමරිකානු ‘ටයිම්’ සඟරාව තමා ‘වසරේ පුද්ගලයා’ ලෙස නම් කිරීමට සූදානමින් සිටි නමුත්, තමා එය ප්‍රතික්ෂේප කළ බවත්, ඡායාරූප ගැනීමකට හෝ සම්මුඛ සාකච්ඡාවක් දීමට හෝ තමා ඉදිරිපත් නොවුණු බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

ට්‍රම්ප් මෙසේ පවසා ඇත්තේ සිය ටිව්ටර් ගිණුමේ අදහස් පළ කරමිනි. ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වී තිබේ. මීට ප්‍රතිචාර දක්වමින් ‘ටයිම්’ සඟරාව පවසා ඇත්තේ තමන් මේ ගැන කිසිවක් නොදන්නා බවය.

මේ වසරේ පුද්ගලයා ලෙස ජනපති ට්‍රම්ප් නම් කරමින් ඔහු වෙනුවෙන් ටයිම් සගරාවක් වෙන් කිරීමට තමන් සැලැසුම් කර නොතිබුණු බව ද ටයිම් සගරාව පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS