ටයිම් සඟරාව නම් කළ ලොව කැපී පෙනෙන පුද්ගලයා: ඩොනල්ඞ් ට්‍රම්ප්



මෙම 2016 වසරේ කැපී පෙනෙන පුද්ගලයා ලෙස ලෝ සුපතල ‘ටයිම්’ සඟරාව ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා වීමට නියමිත ඩොනල්ඞ් ට්‍රම්ප් නම් කර ඇත.
ඒ අනුව මීළඟ ටයිම් සඟරාවේ කවරය හැඩ ගැන්වෙනු ඇත්තේ ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ රුවෙනි. වසරේ කැපී පෙනන පුද්ගලයන් තේරීම ‘ටයිම්’ සඟරාව විසින් සෑම වසරකම සිදු කරනු ලබයි.
ඩොනල්ඞ් ට්‍රම්ප්, ‘ටයිම්’ සඟරා කාර්යාලයට ඇමතුමක් දී පවසා ඇත්තේ වසරේ කැපී පෙනෙන පුද්ගලයා ලෙස තමා නම් කිරීමට ගත් තීරණය තමාට ලොකු ගෞරවයක් කියාය.
අනාවැකි සියල්ල බොරු කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ට්‍රම්ප් ජය ගැනීමත් සමඟ ඔහු මෙම වසරේ කැපී පෙනන චරිතය වුණු බව අවිවාදයෙන් පිළිගත යුතු යැයි ටයිම් සඟරාවේ කලමණාකාර කර්තෘවරිය නැන්සි ගිබ්ස් පවසා ඇත.
ටයිම් සඟරාව ඇමෙරිකානු සඟරාවකි. එය මුද්‍රණ දෙකකින් එළිදකී. ප්‍රධාන ටයිම් සඟරාව ඇමෙරිකාව සහ බටහිර රටවල් කේන්ද්‍ර කොට ගනිමින් මුද්‍රණය කෙරෙන අතර ආසියාවට පමණක් වෙන් වූ කලාපයක් ද වෙයි.


RECOMMEND POSTS