ජාත්‍යන්තර නීතිවලට ගරු කරන්න



ප්‍රචණ්ඩත්වයෙන් ඉවත් වී ජාත්‍යන්තර නීතිවලට ගරු කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යේමන සිවිල් යුද්ධයට මැදිව සිටින සියලූ පාර්ශවවලින් ඉල්ලා සිටියේය.

ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේදී එම කවුන්සිලයේ නිලධාරිහු සිකුරාදා (22) එසේ ඉල්ලා සිටියහ. 

ලොව පුරා සිදු ව ඇති විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන වාර්තා සාකච්ඡාවට ගන්නා අතරවාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරිහු යේමන සිවිල් යුද්ධයට මැදිව සිටින පාර්ශවවලින් එසේ ඉල්ලා සිටියහ.  

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්ෂික සැසිවාරයේදී පලස්තීනය, සිරියාව සහ මියන්මාරය ද ඇතුළු රටවල් හා සිදුවීම් සම්බන්ධයෙන් කෙටුම්පත් කරන ලද යෝජනා 29ක් සම්මත කරගන්නා ලදි. 

කෙසේ නමුත් යේමනය සම්බන්ධයෙන් මෙහිදි වැඩි අවධානයක් යොමු විය. එහිදි යේමන සිවිල් යුද්ධය වර්තමානයේ ලොව පවතින දැවැන්තම මානුෂීය අර්බුදය යැයි එහි රැස්ව සිටි බොහෝ දෙනා පිළිගත්හ.

ටී.ආර්.ටී වර්ල්ඞ් ඇසුරිනි


RECOMMEND POSTS