ජර්මන් චාන්සල්වරියට අත දෙන්න ට්‍රම්ප් බෑ කියයි



ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මර්කෙල් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර ධවල මන්දිරයේ හමුව පැවැත්වෙද්දී, මාධ්‍ය ඉදිරියේ මාකෙල්ට අතට අත දීම ට්‍රම්ප් තරයේ ප්‍රතික්ෂේප කළේය.

දෙදෙනා අතර පවතින මත ගැටුම් ඊට හේතුවක් විය. ධවල මන්දිරයේ සිට සාකච්ඡා පවත්වද්දී, එම අවස්ථාවට රැස්වුණු මාධ්‍යවේදීන් කෑ කෝ ගහන්න වූයේ ‘අතට අත දෙන්න’ යැයි කියාය.

‘මෙයාලා කියනවා අතට අත දෙන්න. ඔබ කැමැති නැද්ද එහෙම කරන්න ?’ යැයි එම  අවස්ථාවේදී චාන්සල්වරිය ට්‍රම්ප්ගෙන් විමසා සිටියාය. දැඩි ස්ථාවරයකින්, මුහුණ ද එල්ලා ගෙන ට්‍රම්ප් ජර්මන් චාන්සල්වරියට අතට අත දීම ප්‍රතික්ෂේප කළේය.

කෙසේ නමුත් මර්කෙල් හමුවී සාකච්ඡා කරන්න ලැබීම ලොකු ගෞරවයක් යැයි හමුවෙන් අනතුරුව ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා තිබුණි. දේශපාලනික වශයෙන් කරුණු කාරණා රැසක් සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ මර්කෙල් අතර සාකච්ඡා පැවැත්වුණු බව ද ධවල මන්දිරය වාර්තා කරයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS