ජම්මු කාශ්මීර ත්‍රස්ත නායකයා මරා දැමෙයි



ජම්මු කාශ්මීරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන ‘හිස්බුල් මුජහදීන්’ ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියේ නායක මසූද් අහ්මද් භාත් ඇතුළු තවත් ත්‍රස්තවාදීන් දෙදෙනකු මරා දැමීමට ඉන්දීය ආරක්ෂක අංශ සමත් විය

ආරක්ෂක අංශ මසූද් අහ්මද් භාත් ඇතුළු සෙසු ත්‍රස්තයන් මරා දමා ඇත්තේ ජම්මු කාශ්මීරයේ අනන්ටග් දිස්ත්‍රික්කයේ සිදු කළ මෙහෙයුමකදීය.

මෙය ජම්මු කාශ්මීරයේ බෙදුම්වාදී ඉස්ලාමීට ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේ දී ලැබූ විශිෂ්ට ජයක් යැයි ඉන්දීය හමුදාව කියයි. ‘හිස්බුල් මුජහදීන්’ කල්ලිය සිය අණසක පතුරුවා ඇත්තේ ඩෝඩා දිස්ත්‍රික්කයේය. ඉන්දීය ආරක්ෂක අංශ පවසා ඇත්තේ මේ වනවිට ඩෝඩා දිස්ත්‍රික්කය ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදා ගත් බවය.

‘හිස්බුල් මුජහදීන්’ ඇතුළු ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්ත කල්ලි කීපයක් ජම්මු කාශ්මීරයේ ක්‍රියාත්මකය. මොවුන්ට පාකිස්තාන රජයේ අනුග්‍රහය හිමිවන බව පැවැසෙයි. මුස්ලිම් රටවලින් පැමිණි විදෙස් ත්‍රස්තවාදීන් 29 දෙනකු දකුණුදිග කාශ්මීරයේ සිටින බව ඉන්දීය බුද්ධි අංශ පවසයි.

ශ්‍රී නගර්හිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS