ජපානයේ කොරෝනා තෙවැනි රැල්ලක්



ටෝකියෝ අගනුවර කේන්ද්‍රකොට ගනිමින්, ජපානයේ තෙවැනි කොරෝනා රැල්ලක් ආරම්භ වී ඇති බවත්, වයිරස ව්‍යාප්තිය අවම කර ගැනීමට සියලු ක්‍රියා මාර්ග ගත් බවත් ජපන් රජය කියයි.

ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ ජපානයේ ටෝකියෝ අගනුවරය. ඒ, තව මාස 3 ක කාලයකිනි. ඔලිම්පික් උළෙල පැවැත්වීමට දිනෙන් දින කල් යමින්, මෙම වසර මැද පැවැත්වීමට කටයුතු යෙදුණේ ද කොරෝනා වසංගතය සැලකිල්ලට ගනිමිනි.

තෙවැනි රැල්ල පාලනය කර ගැනීමේ අරමුණින්, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිදේ සූගා ටෝකියෝ, ඔසාකා, කියෝටෝ, යෝගෝ යන නගරවල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ, ලබන 11 වැනිදා දක්වාය.

ටෝකියෝහිදීය (රොයිටර්)


RECOMMEND POSTS