ජපන් වයිරස රෝගීන්ට ඒඞ්ස් රෝගීන්ට දෙන බෙහෙත්



ජපානයේ කොරෝනා වයිරස රෝගීන්ට, එච්.අයි.වී. ආසාදිතයන්ට ලබා දෙන ඖෂධ ලබා දීමට පියවර ගන්නා බව ජපන් සෞඛ්‍ය බලධාරීහු පවසති.

එච්.අයි.වී. ආසාදිතයන් වෙනුවෙන් ලබා දෙන ඖෂධ, කොරෝනා වයිරස රෝගීන්ට ලබා දීමට තීරණය කර ඇත්තේ එම රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණය ඉහළ දැමීමේ අරමුණින් යැයි ද පැවැසෙයි.

මේ වනවිට කොරෝනා වයිරස රෝගීහු 500 ට වැඩි පිරිසක් ජපානයේ සිටිති. ඔවුන්ගෙන් වැඩිදෙනා යොකෝහාමා වරායේ නිරෝධානය කළ ‘ඩයමන්ඞ් ප්‍රින්සේස්’ නමැති කෲස් නැවේ සිටින සංචාරක මගීන්ය.

ටෝකියෝහිදීය (රොයිටර්)


RECOMMEND POSTS