ජපන් නැවේ 2,000 ක් පිටව යති



ජපානයේ නිරෝධානයට ලක් කළ ‘ඩයමන්ඞ් ප්‍රින්සෙස්’ නෞකාවේ සිටි මගීන්ගෙන් 2,000 කට නෞකාවෙන් පිටවීමට හැකියාව ලැබුණි. ඒ, ඔවුන්ට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව පරීක්ෂණවලින් තහවුරු කිරීමෙන් පසුවය.

මගීන්ට මෙසේ නෞකාවෙන් පිටවීමට අවස්ථාව උදා වුවත් නෞකාවේ කාර්ය මණ්ඩලයට නෞකාවෙන් පිටවිය නොහැකි බව ජපන් වෛද්‍යවරුන් වැඩිදුරටත් පවසා ඇත.

යොකෝහාමා වරායේ නිරෝධානය කළ ‘ඩයමන්ඞ් ප්‍රින්සස්’ නෞකාවේ ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් ද සිටිති. ටෝකියෝ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළේ ඔවුන් නිරෝගීව සිටින බවය. මොවුන් දෙදෙනා නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් බව ද ටෝකියෝ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS