ජපන් දුම්රියක් ට්‍රක් රියක ගැටී අයෙක් මරුට



ජපානයේ ටෝකියෝ අගනුවර සිට යොකොහාමා නගරය තෙක් ධාවනය වන මගී දුම්රියක් සහ ට්‍රක් රියක් ගැටීමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්විය. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 30 ක් යැයි පැවැසෙයි.

අනතුර සිදුවී ඇත්තේ මාර්ග සංඥා දෝෂයක් නිසා යැයි පැවැසෙයි.

අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රියේ මගීන් 500 කට ආසන්න පිරිසක් සිටි බව පැවැසෙයි. ටෝකියෝ දුම්රිය බලධාරීන් පවසා ඇත්තේ අනතුර ගැන පරීක්ෂණයක් ආරම්භ කළ බවය.

හොංකොංහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS