ජනපතිවරණයට ඉදිරිපත් වෙන්නැයි ඇරැයුම්



2020 වසරේ දී පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නැයි ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් හිලරි ක්ලින්ටන්ට ඇරැයුම් ලැබී ඇතැයි වාර්තා වේ.

72 හැවිරිදි හිලරි ක්ලින්ටන්, ඇමෙරිකාවේ හිටපු ජනපතිවරයකු වන බිල් ක්ලින්ටන්ගේ බිරිඳය. ඔබාමා පරිපාලනය පැවැති සමයේ දී ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළේ ද හිලරි ය. 2016 ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කළ අවසන් ප්‍රධාන අපේක්ෂිකාව වූයේ හිලරිය.

2016 ජනපතිවරණය පැවැත්වූයේ හිලරි ක්ලින්ටන් සහ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් අතරේ ය. එම අවස්ථාවේ බොහෝ දෙනා විශ්වාස කළේ හිලරි ක්ලින්ටන් ජයග්‍රහණය කරනු ඇති බවය. කෙසේ නමුත් ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ හිලරි ක්ලින්ටන් දේශපාලනයෙන් ද ඈත් වූවාය.

ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ, 2020 දී යළි ජනපති ධුරය වෙනුවෙන් තරග වදින ඩොනල්ඞ් ට්‍රම්ප්ට අභියෝගයක් වීමට හිලරිට හැකි වනු ඇති බවය. තමන් 2020 ජනපති සටනට පැමිණෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් හිලරි ක්ලින්ටන් මෙතෙක් කිසිවක් පවසා නැත.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS