ජනපති වුණොත් මාස්ක් අනිවාර්යයි



එලැබෙන ජනපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළොත්, අවසන් ‘කොවිඩ් 19’ ආසාදිතයා සුවය ලබනතුරු ජනතාවට මුහුණු ආවරණ පැලැඳීම අනිවාර්ය කරන බව ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් පවසා ඇත.

බයිඩන් මෙසේ පැවැසුවේ, සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇති නමුත් ඇමෙරිකා ජනපති ට්‍රම්ප් හෝ උප ජනාධිපති මයික් පෙන්ස් හෝ මුහුණු ආවරණ නොපලදින හෙයින් ඒ ගැන පැහැදිලි කිරීමක් කරමිණි.

නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන්, ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන එක් වී, සිදු කළ ජනමත සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ, ට්‍රම්ප් අභිබවා යමින් ජෝ බයිඩන් බොහෝ සේ ඉදිරියෙන් සිටින බවය.

(රොයිටර්)


RECOMMEND POSTS