ජනපති පුටුවට සමුදෙමින් ගැම්බියා ජනපති රටින් යයි



ජනපතිවරණයෙන් පරාජය වුවත් දිගටම ධුරයේ රැඳී සිටීමට උත්සාහ ගත් අප්‍රිකාවේ ගැම්බියා රටේ ජනාධිපති හයියා ජමේ, පසුගිය 22 වැනිදා විපක්ෂයෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් ජනපති ධුරය පමණක් නොව ගැම්බියාව ද අතහැර යන්න ගියේය.

හයියා ජමේ වසර 22 ක් තිස්සේ ගැම්බියාවේ ජනපතිවරයා ලෙස කටයුතු කර තිබුණි. පසුගිය දා පැවැති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේ විපක්ෂය නියෝජනය කළ අදමා බැරෝය.

ඡන්ද ප්‍රතිඵලය අභියෝගයට ලක් කරමින් හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට පවා ජනාධිපති හයියා ජමේ උත්සාහ කළේය. එම අවස්ථාවේදී අප්‍රිකා සංගමය මැදිහත් වෙමින් හයියා ජමේ ට කියා සිටියේ පරාජය බාර ගන්නා ලෙසය.

හයියා ජමේ ගැම්බියාවෙන් පිටවී බිරින්දෑවරුන්, දරුවන් සහ සමීපතම ඥාතීන් ද සමඟ ගොස් ඇතැයි පැවැසෙන්නේ ගිනියා රාජ්‍යයටය.

 

(රොයිටර්)


RECOMMEND POSTS