ජනපති ධුරයට සිරිල් රැම්පෝසා



දකුණු අප්‍රිකාවේ ජනපති ධුරය, එරට පාලක පක්ෂයේ නායකයා මෙන්ම උප ජනාධිපතිවරයා ද වන සිරිල් රැම්පෝස්ට හිමිවිය.

65 හැවිරිදි රැම්පෝස් ජනපති ධුරයේ දිවුරුම් දුන්නේය. රැම්පෝසාට දකුණු අප්‍රිකාවේ ජනපති ධුරය හිමුවූයේ එම ධුරයේ සිටි ජේකොබ් සූමාගේ සමුගැනීමෙන් පසුවය.

සූමා දකුණු අප්‍රිකා ජනපති ධුරයෙන් ඉල්ලා අස්වූයේ  ඉවත් වෙන්නැයි පාලක පක්ෂය වන අප්‍රිකා ජාතික කොංග්‍රසයෙන් ඔහුට දිගින් දිගටම බලපෑම් එල්ල වුණු නිසාය. ඒ, සූමාට එල්ල වී තිබෙන දූෂණ චෝදනා සම්බන්ධයෙනි. තමන් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව සූමා අවධාරණය කරයි.

2009 වසරේ දකුණු අප්‍රිකාවේ ජනපති ධුරයට පත්වුණු දා සිට අප්‍රිකා ජාතික කොංග්‍රස් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළේ ද සූමාය. කෙසේ නමුත් පසුගිය දෙසැම්බරයේ දූෂණ චෝදනා මුල්කොට ගනිමින් සූමාට සිය පක්ෂය ඇතුළෙන් විරෝධය එල්ල වීම ආරම්භ විය.

සූමාට පක්ෂව සහ විපක්ෂය අප්‍රිකා පාලක පක්ෂය වන අප්‍රිකා ජාතික කොංග්‍රසය දෙකඩ විය. එහිදී පක්ෂ නායකත්වයට පත් වීමට උප ජනපති ධුරය හෙබවූ සිරිල් රැම්පෝසා සමත් විය.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS