ජනපති ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ඉදිරියට



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි චෝදනා ඉදිරිපත් කරමින්, දෝෂාභියෝග ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට පියවර ගන්නා බව කොංග්‍රස් මණ්ඩලයේ (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතා නායිකා නැන්සි පෙලෝසී පවසා ඇත.

නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි මෙසේ පැවැසුවේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිණි. තම උපදෙස් මත දෝෂාභිගෝයට අදාල කෙටුම්පත සකස් කිරීම පාර්ලිමේන්තු විනිසුරු මඬුල්ල විසින් සිදු කරනු ලබනු ඇතැයි ද කතා නායිකාව පැවැසුවාය.

දෝෂාභියෝගයට අදාල විශේෂ විමර්ශනයක්, පාර්ලිමේන්තු විනිසුරු මඬුල්ලක් අභියස පසුගිය දින කීපය පුරා පැවැත්විණි. එහි පෙනී සිටිමින් සාක්ෂි දීමට ජනපති ට්‍රම්ප්ට ද ඇරැයුම් කර තිබුණු නමුත් ට්‍රම්ප් එය ප්‍රතික්ෂේප කළේය. පසුගිය 4 වැනිදා, ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති විශාරදයෙන් එම විනිසුරු මඬුල්ල හමුවේ පෙනී සිටිමින් පැහැදිලි කළේ ඇමෙරිකන් ජනාධිපති ධුරයෙන් ට්‍රම්ප් ඉවත් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS