ජගත් මහ ලේකම් නවසීලන්ත මුස්ලිම් ප්‍රජාව හමුවෙයි



එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් ප්‍රජාව හමුවෙමින් කියා සිටියේ වෛරය වැපිරීමෙන් වළකින ලෙසටය.

පසුගිය මාර්තුවේ බ්‍රැන්ටන් ටැරන්ට් නමැති 28 වැනි සුදු ජාතික අන්තවාදී තරුණයා ක්‍රයිස්ට්චර්ච් මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදී වෙඩි තැබුවේය. ඒ, මුස්ලිම් ප්‍රජාවට විරෝධය දක්වමිනි.

වෙඩි තැබීම් සිදුවූයේ ක්‍රයිස්ට්චර්ච් නුවර අල් නූර් සහ ලින්ඩුඞ් මුස්ලිම් පල්ලි දෙකටය. ජගත් මහ ලේකම්වරයා මෙම මුස්ලිම් පල්ලි දෙක නැරැඹීමට ගිය බව ද පැවැසෙයි.

එම අවස්ථාවේදී නවසීලන්ත අගමැතිනී ජසෙන්ඩා එර්ඩන් මුස්ලිම් ප්‍රජාව සමඟ එක්වී ඔවුන්ගේ දුක බෙදා ගත් අතර, මුස්ලිම් ප්‍රජාවගේ ආරක්ෂාව ද තහවුරු කළේය. අගමැතිනිය මුස්ලිම් ප්‍රජාව සමඟ එක්වී සමීපව කටයුතු කිරීම සම්බන්ධයෙන් ජගත් මහ ලේකම්වරයාගේ පැසැසුමට හේතුවක් විය.

ක්‍රයිස්ට්චර්ච්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS