ජගත් නියෝජිතයෙක් උතුරු කොරියාවේ



එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රධානී ජෙෆ්රි ෆෙල්ට්මන් සිවුදින නිල සංචාරයක් සඳහා මේ වනවිට උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවරට පැමිණ සිටී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ පෙළේ නිලධාරියකු මේ අයුරින් උතුරු කොරියාවට පැමිණියේ වසර 6 කට පසුවය. නිර්මාණය වී ඇති දේශපාලන අර්බුද ගැන සාකච්ඡා පැවැත්වීම ෆෙල්ට්මන්ගේ අරමුණ වී ඇත.

එක්සත් ජාතීන්ගේ නියෝජිතයකු වන ෆෙල්ට්මන් ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. ඔහු ලබන සිකුරාදා වන තෙක් උතුරු කොරියාවේ රැඳී සිටිනු ඇතැයි පැවැසෙයි.

ෆෙල්ට්මන් මෙසේ උතුරු කොරියාවට පැමිණියේ, ඇමෙරිකාව, දකුණු කොරියාව ද හවුල් කර ගනිමින්, උතුරු සහ දකුණු කොරියානු දේශසීමාවේ යුද අභ්‍යාසයක් පවත්වමින් සිටිද්දීය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS