ජගත් කාලගුණ සම්මුතියෙන් ඇමෙරිකාව ඉවතට



මිහිතලය උණුසුම්වීම අවම කිරීමේ උදාර අරමුණ ඇතිව රටවල් 187 ක එකමුතුවෙන් 2015 දී ප්‍රංශයේ පැරිස් නුවරදී අත්සන් තැබුණු ජගත් කාලගුණ සම්මුතියෙන් ඉවත්වීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ.

ට්‍රම්ප් එම සම්මුතියෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට තීරණය කර ඇත්තේ එම සම්මුතිය හරහා ඇමෙරිකන් ව්‍යාපාර සහ ඇමෙරිකන් ශ්‍රමිකයන්ට අවාසි අත්වන බව පවසමිනි.

ඇමෙරිකාවේ තෙල් සහ ගල් අඟුරු කර්මාන්තය උපරිමයෙන් ක්‍රියාවට නැංවීමට තමන් අපේක්ෂා කරන බව ට්‍රම්ප් ඇමෙරිකන් ජනතාවට ප්‍රතිඥා දී තිබේ.

(රොයිටර්)

 


RECOMMEND POSTS