ජකර්තා ජලයෙන් යටවෙයි



මහ වැසි හේතුවෙන් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ජලයෙන් යටවී ඇති බවත්, දහස් ගණකට උන්හිටිතැන් අහිමි වී ඇති බවත් ඉන්දුනීසියානු පුවත් සේවා වාර්තා කළේය.

හදිසියේ හටගත් ජල ගැලීම් සහ විදුලි සැර වැදීමෙන් 21 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත්, 19 දෙනකු අතුරුදන් බවත් ඉන්දුනීසියානු පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර තිබේ.

මහ වැසි ඇද හැලීම ආරම්භ වූයේ පසුගිය 31 සවස සිටය. 31 රාත්‍රියේ, නව අවුරුදු උදාව සැමරීමට නගර මධ්‍යයට බොහෝ දෙනකු රැස්ව සිටි අතර, හදිසියේ නගරය ජලයෙන් යටවෙද්දී, නගර වැසියෝ ඊට කොටු වූහ. ජකර්තා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද මේ වනවිට ජලයෙන් යටවී ඇති අතර, 20,000 කට වැඩි පිරිසක් ගුවන්තොටුපොළේ කොටු වී සිටින බව ද වාර්තා වේ.

ජකර්තාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS