ඡායාරූපයක් ගන්න ගිහින් අවසන් ගමන් යයි



ලොව දැවැන්ත ව්‍යාපාර සමූහයක් වන චීනයේ එච්.එන්.ඒ. ව්‍යාපාර සමූහයේ සභාපති වැන්ග් ජිඈන්, ප්‍රංශයේදී සිදුවූ හදිසි අනතුරකින් මියගොස් තිබේ.

ව්‍යපාරික කටයුත්තක් සඳහා  ප්‍රංශයේ සංචාරයක නිරත වෙමින් සිටි 57 හැවිරිදි වැන්ග් ජිඈන් මීටර් 15 ක පමණ උසින් යුතු බැම්මකින් ඇද වැටීමෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඡායාරූපයක් ගැනීමට යාමේදී ඔහු මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වේ.

ගුවන් සේවා, මූල්‍ය සේවා, සංචාරක, ප්‍රවාහන ආදියෙන් සමන්විත එච්.එන්.ඒ. ව්‍යාපාර සමූහය ලොව දැවැන්තම සමාගම් අතරට අයත් වේ.

ලොව පුරා ව්‍යාප්තව පවතින එම ව්යාවපාර සමුහයට අයත් ආයතනවල ලක්ෂ 04 ක පමණ පිරිසක් සේවය කරන බව සඳහන්ය.

( තිළිණි ද සිල්වා )

චයිනා ඩේලි පුවත්පත ඇසුරෙනි.


RECOMMEND POSTS