චෙක් ජනරජය ‘ස්පුට්නික් 5’ එන්නත ඉල්ලයි



 

යුරෝපා සංගමයේ අනුමැතිය ලැබෙන තෙක් බලගා සිටිය නොහැකි යැයි පවසමින්, යුරෝපා රාජ්‍යයක් වන චෙක් ජනරජය, එරට වැසියන් වෙනුවෙන්, රුසියාව නිපදවූ ‘ස්පුට්නික් 5’, කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ඉල්ලා සිටියේය.

යුරෝපා සංගමයට අයත් රටවල් සඳහා එන්නත් නිර්දේශ කරන්නේ යුරෝපා සංගමයයි. ‘ස්පුට්නික් 5’ එන්නත එසේ අනුමැතිය සඳහා යොමු කර ඇත්තේ මීට මාස ගණනකට පෙරය. ‘ස්පුට්නික් 5’ එන්නතට යුරෝපා සංගමයෙන් තවමත් අනුමැතිය ලැබී නොමැති අතර, රටවල් රැසක් මේ වනවිටත් හදිසි තත්ත්වයක් සේ සලකා එන්නත එරට වැසියන්ට ලබා දීම ආරම්භ කර තිබේ.

‘ආසාදිතයන් දිනෙන් දින ඉහළ යනවා. වෙන විකල්පයක අපට නැහැ. අපට ස්පුට්නික් 5 එන්නත ලබා දෙන්නැයි මා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ලිපියක් යැව්වා’ යැයි චෙක් ජනරජයේ ජනාධිපති මිලෝස් සෙමාන් එරට ‘ප්‍රයිම්’ නාළිකාව හරහා පවසා තිබේ.

චෙන්නායිහිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS