චූදිතයන් සියලු දෙනා නිදොස්



ඉන්දියාවේ, අයෝධ්‍යා නගරයේ, මහත් ආන්දෝලනයකට ලක්වුණු බබ්රි මුස්ලිම් පල්ලිය කඩා විනාශ කර දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාපරාධී කුමන්ත්‍රණ චෝදනා එල්ල වූ භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සියලු දෙනා නිර්දෝෂී යැයි ලක්නව් නුවර විශේෂ අධිකරණයක් පසුගිය තීන්දු කළේය.

16 වැනි සියවසේ ඉදි කරනු ලැබූ බබ්රි මුස්ලිම් පල්ලිය, හින්දු අන්තවාදීන් අතින් කඩා විනාශ කෙරුණේ 1992 වසරේදීය. ඒ, හින්දු මුස්ලිම් ගැටුම් උත්සන්න වෙද්දීය.

ඉන්දියාවේ සිදුවුණු දරුණුතම හින්දු මුස්ලිම් ගැටුම මෙය ලෙස සැලකෙයි. මුස්ලිම්වරුන්ට එරෙහිව හින්දු වැසියන් උසි ගන්වමින්, පල්ලිය කඩා දැමීමට ඔවුන් පෙළඹවූයේ ලාල් ක්‍රිෂ්ණා අද්වානි ඇතුළු භාරතීය ජනතා පක්ෂයේ ඉදිරිපෙළ නායකයන් යැයි සාපරාධී කුමන්ත්‍රණ චෝදනා එල්ල විය. ඒ, ආගමික වෛරය ඇවිස්සූ බවටය. වත්මන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව ද චෝදනා එල්ල වී තිබුණි. මෝදි ට අමතරව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් තිස් දෙදෙනකුට චෝදනා එල්ල වී තිබුණැයි ද පැවැසෙයි.

භාරතීය ජනතා පක්ෂ නායකයන් එල්ල වුණු චෝදනා ඔප්පු කිරීමට කිසිදු ප්‍රබල සාක්ෂියක් නොමැති හෙයින්, චූදිතයන් සියලු චෝදනාවලින් නිදහස් කරන බව ලක්නව් නුවර විශේෂ අධිකරණය ප්‍රකාශ කළේය. 1992 දී හින්දු මුස්ලිම් ගැටුම් ඇවිලෙද්දී, ඉන්දියාවේ පැවැතියේ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවකි.

බබ්රි මුස්ලිම් පල්ලියට කලහකාරී පිරිස් පහර දීම හිතාමතා සැලැසුම්සහගත අයුරින් කළ ක්‍රියාවක් නොවන බව ද අධිකරණය පෙන්වා දුන්නේය. බබ්රි පල්ලිය පිහිටි භූමිය රාම් දෙවියන්ට අයත් එකක් බවත්, පල්ලිය ඉදි කිරීමට පෙර එතැන උත්තම රාම් දෙවිඳුන්ගේ දේවාලයක් තිබුණු බවටත් පුරා විද්‍යා සාක්ෂි අනුව අනාවරණය විය. අයෝධ්‍යා නුවර පිහිටි එම භූමිය හින්දු වැසියන්ට අයත් බව අධිකරණය තීන්දු කර ඇත්තේ එහෙයිනි. විනාශ වූ මුස්ලිම් පල්ලිය වෙනත් භූමියක ඉදිකිරීමට අධිකරණය උපදෙස් දී

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS