චීනේ ඉඳන් ලන්ඩනයට බඩු අරං යන දුම්රියක්



චීනයේ සිට එංගලන්තයේ ලන්ඩන් අගනුවර දක්වා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

එම දුම්රිය, නැගෙනහිර චීනයේ යිවූ දුම්රියපොළේ සිට ලන්ඩන් නගරය දක්වා පසුගිය ඉරිදා දිනයේදී පිටත් වී ඇති අතර, සැතපුම් 8,000ක් පමණ දුර ගෙවා ලන්ඩන් නුවරට ළඟා වීමට සති 2 1/2ක් පමණ ගතවනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

චීනයේ සිට කසක්ස්ථානය, රුසියාව, බෙලරූස්, පෝලන්තය, ජර්මනිය, බෙල්ජියම හා ප්‍රංශය හරහා මෙම දුම්රිය ලන්ඩන් නගරය වෙත ගමන් කිරීමට නියමතිය.

මේ අනුව, චීන රජය විසින් ‘නව සේද මාවත’ ලෙස හඳුන්වන මෙම ගමන් මගට එක්වූ 15 වැනි යුරෝපා නගරය බවට ලන්ඩන නුවර පත්වනු ඇත.

මෙම දුම්රියේ වාසිය වන්නේ ගුවන් ප්‍රවානයට වඩා වියදම් අඩු වීමත්, නැව් ප්‍රවාහනයට වඩා වේගවත් වීමත් ය.

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි.....


RECOMMEND POSTS