චීනයේ යළිත් වරක් කොරෝනා හිස ඔසවයි



චීනයේ ෂියැංජියැන් පළාත කේන්ද්‍රකොට ගනිමින්, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් 89 දෙනකු ඊයේ (28) වාර්තා විය.

ඒ අනුව, පසුගිය අප්‍රේල් මාසයෙන් පසු, චීනයෙන් වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

ඊයේ (28) වනවිට චීනයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 101 කි. වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ උරුම්කී නගරයෙනි. උරුම්කී යනු ෂියැංජියැන් පළාතේ අගනුවරය.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS