චීනයේ මුස්ලිම්වරුන්ට රජයෙන් කෙණෙහිලිකම්



චීනයේ ෂිංජියැං පළාතේ මුස්ලිම්වරුන්ට එල්ල වන කෙණෙහිලිකම් දිනෙන් දින උත්සන්න වෙමින් පවතින බව වාර්තා වේ.

මේ බව අනාවරණය කළේ බීබීසී පුවත් වෙබ් අඩවියයි. චීන රජය ෂිංජියැං පළාතේ මුස්ලිම් ප්‍රජාව දරුණු ලෙස මර්දනය කරන බවත්, අඩියෙන් අඩිය ආරක්ෂක කැමරා සවිකර සෑම මුස්ලිම් වැසියකු ගැනම හොඳ විමසිල්ලෙන් පසුවන බවත් බීබීසී පුවත් සේවය වැඩි දුරටත් කියා සිටී.

චීනයේ මුස්ලිම්වරුන් මේ අයුරින් මර්දනයට ලක් වී ඇත්තේ, ඔවුන්ගේ අන්තවාදී අදහස් නිසා යැයි ද පැවැසෙයි.

බීජීංහිදීය (බී.බී.සී.)


RECOMMEND POSTS