චීනයේ දැඩි විරෝධය මැද ට්‍රම්ප් තායිවානයට ළං වෙයි



 (රොයිටර්)
ඇමෙරිකානුවන්ට සහ ඇමෙරිකන් සමාගම්වලට රැකියා අවස්ථා අහිමි කළේ චීනය යැයි චෝදනා නගන ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වීමට නියමිත ඩොනල්ඞ් ට්‍රම්ප්, චීනය අමතක කර, චීනයේ එදිරිවාදියකු වන තායිවානය සමඟ නිල සබඳතා ඇති කර ගැනීමට සූදානම් වෙයි.
චීනය තායිවානය සළකන්නේ වෙනම රාජ්‍යයක් ලෙස නොවේ, ඔවුන්ගේ ම ප්‍රාන්තයක් කියාය. චීනයත් තායිවානයත් අතර අර්බුදයක් පවතින්නේ මේ නිසාය.
1979 වසරේ සිට, චීනය ලෝකයේ ආර්ථික බලවතකු ලෙස හඳුනා ගනිමින්, ඇමෙරිකාව තායිවානය සමඟ පැවැති ගිවිසුම් සියල්ල නිල වශයෙන් අත්හිටුවීය. ඇමෙරිකන් ජනාධිපතිවරයකු සහ තායිවාන ජනාධිපතිවරයකු අතර සෘජු දුරකතන සාකච්ඡාවක් පවා අවුරුදු 38 ක් තිස්සේ පැවැත් වූයේ ද නැත.
ට්‍රම්ප් ජනපති ධුරයට පත්වීමෙන් පසු, අවලංගු කළ එම ගිවිසුම් යළි බල ගැන්වීමට සූදානමින් සිටී. මේ බව දැනුම් දෙමින්, ට්‍රම්ප්, තායිවාන අගමැතිනී ත්සායි ඉන් වෙන්ට දුරකතනයෙන් ඇමතුමක් ලබා දුන්නේය. දෙරට අතර ආර්ථික, ආරක්ෂක, දේශපාලන සබඳතා තර කර ගැනීම සම්බන්දයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු බව ද පැවැසෙයි.
ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ ඇමෙරිකාව මෙසේ තායිවානය සමඟ සබඳතා වර්ධනය කර ගැනීම චීනයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.


RECOMMEND POSTS