චීනයේ කුණු කන්දට යටවූ මිනිසුන්ට සාධාරණයක්



දකුණු චීනයේ ෂෙන්සෙන් නගරයේ 2015 වසරේ සිදුවූ නාය යාමක් සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන් හතළිස් පස් දෙනකු සිර දඬුවමට යටත් කරනු ලැබ ඇත.

එම කුණු කන්ද පිහිටි ඉඩම පවත්වා ගෙනගිය සමාගමේ කළමනාකරුට සහ 'ෂෙන්සෙන්' නගර පරිපාලනයේ හිටපු ප්‍රධානියාට අවරුදු විස්ස බැගින් සිර දඬුවම් නියම විය.සිර දඬුවමට යටත් කරනු ලැබ සිටින්නන්ගෙන් විසි දෙනෙක්ම චීන ආණ්ඩුවේ නිලධාරීහු වෙති.

කුණු පස් තට්ටු සහ ඉදිකිරීම්වල අපද්‍රව්‍ය ඇතුළත් කුණු කන්දක් හිටිහැටියේ කඩා වැටී අවට ප්‍රදේශය ඉන් යට වූ අවස්ථාවේ පුද්ගලයන් හැත්තෑවක් අතුරුදහන්ව තවත් නවසීයක් බේරාගත් බව එවකට චීන මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබුණි. නායයාම නිසා සිදු වූ මරණ සංඛ්‍යාව හැත්තෑ තුනක් බව පසුව වාර්තා කෙරුණි

ඔවුන් වරදකරුවන් කරනු ලැබුණේ නොසැලකිල්ලෙන් කටයුතු කිරීම සහ බලය යුතු ලෙස පාවිච්චි කිරීම සම්බන්ධයෙනි.

අදාළ භූමියේ පවත්වා ගෙන යාමට හැකි කුණු කන්දේ ධාරිතාව කියුබික් මීටර් හතළිස් ලක්ෂයක් සහ උසින් මීටර් අනූපහක් (අඩි 310) පමණක් වියයුතු විය

තිළිණි ද සිල්වා
(බී.බී.සී.)


RECOMMEND POSTS