චීනයෙන් තවත් එන්තත් පාකිස්තානයට



කොරෝනා වයිරසයට එරෙහි චීනය නිපදවූ තවත් ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා ලක්ෂ පහක් පාකිස්තානයට ලැබීමට නියමිත බව පාකිස්තාන සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

පාකිස්තාන සෞඛ්‍ය අමාත්‍යවරයාට අනුව, ඉදිරි දින කීපයේ දී පාකිස්තානයට ලැබෙනු ඇත්තේ චීනයේ නිෂ්පාදිත ‘සිනොෆාම්’ එන්නත සහ ‘කැන්සිනෝ’ නමැති එන්නත් දෙකය.

මීට පෙර පාකිස්තානයට ‘සිනොෆාම්’ එන්නත් තොගයක් ලැබුණි. පාකිස්තාන රජයේ අනුග්‍රහය යටතේ නිපදවා ඇති ‘සිනොෆාම්’ එන්නත ද මාත්‍රා දෙකකින් යුක්තය.

පාකිස්තාන සෞඛ්‍ය අංශ සාමාජිකයන්ට, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ මැති ඇමැතිවරුන්ට ද ලබා දී ඇත්තේ මෙම ‘සිනොෆාම්’ එන්නතය. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු වූයේ ද ‘සිනොෆාම්’ එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන තිබියදීය.

චීනය සහ පාකිස්තානය අතර සමීප මිතුදම් පවතී. චීනය පාකිස්තානයට එන්නත් ප්‍රදානය කරන්නේ එම මිත්‍රත්වය තවත් ශක්තිමත් කරමිනි. ඉදිරියේ දී ‘සිනොෆාම්’ එන්නත් ලක්ෂ 5 ක් ද ‘කැන්සිනෝ’ එන්නත් 60,000 ක් ද ලැබීමට නියමිතය. ‘කැන්සිනෝ’ එන්නත් පාකිස්තානයට ලැබෙන පළමු අවස්ථාව මෙයයි.

චීන එන්නත්වලට අමතරව, ඉන්දියාවේ නිෂ්පාදිත ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙකකා කොවිෂීල්ඩ්’ එන්නත් ද පාකිස්තානයට ලැබී ඇත. පාකිස්තානයට ඉන්දීය එන්නත ලැබී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ‘කොවැක්’ වැඩසටහන යටතේය.

ගතවුණු පැය 24 ඇතුළත පාකිස්තානයෙන් වාර්තා වූ නව ආසාදිතයන් ගණන 4,974 කි. ඒ අනුව සමස්ත ආසාදිතයන් 53,127 කි. ගතවුණු පැය 24 ඇතුළත මරණ 96 ක් වාර්තා වූ අතර, සමස්ත මරණ 14,530 ක් ලෙස ඉහළ ගියේය.

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS