චීනයෙන් ඉන්දියාවට ඔක්සිජන්



ඉන්දියාවේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරටට ඔක්සිජන් සැපයුමට අවශ්‍ය යන්ත්‍ර එරටට යැවීමට පියවර ගත් බව චීනය ප්‍රකාශ කරයි.

ඒ අනුව හොංකො හරහා ඉන්දියාවට ඔක්සිජන් කන්සන්ට්‍රේටර්ස් (ඔක්සිජන් සැපයුමට අවශ්‍ය යන්ත්‍ර) 800ක් දිල්ලියට යැවීමට පියවර ගත් බවත් ඉදිරි දින කිහිපය තුළ තවත් 10,000ක් එරටට යැවීමට පියවර ගන්නා බවත් චීනය සඳහන් කරයි.

ඉන්දියාවේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බවත් නිරන්තරයෙන් එරටට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවත් මේ අවස්ථාවේදී එරට බලධාරීන් සමඟ නිරන්තර සාකච්ඡා පවත්වමින් එරටට අවශ්‍ය සහයෝගය ලබාදීමට පියවර ගන්නා බවත් චීනය අවධාරණය කරයි.

ඉන්දීය ජනතාව ඉක්මනින්ම ‘කොවිඩ්-19’ වසංගතය පරාජයට පත් කරනු ඇතැයි ද මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.

(රොයිටර්)


RECOMMEND POSTS