චීනය සමඟ සාකච්ඡාවට බයිඩන් සූදානම්



චීන ඇමෙරිකා වෙළෙඳ යුද්ධය අවසන් කිරීමේ අරමුණ ඇතිව, චීන රජයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම් වෙයි.

ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට මේ වනවිටත් චීන නියෝජිතයන් කණ්ඩායමක් ඇලෙස්කාවට ගොස් තිබේ. ඇලෙස්කාව යනු ඇමෙරිකාවට අයත් ප්‍රාන්තයකි.

චීනයත් ඇමෙරිකාවත් අතර වෙළෙඳ යුද්ධයක් නිර්මාණය වූයේ බයිඩන් ට පෙර පැවැති ට්‍රම්ප් පරිපාලනය සමයේදීය. ඇමෙරිකාව චීනයටත් චීනය පෙරළා ඇමෙරිකාවටත් තීරු බදු පැනැවීම මෙම වෙළෙඳ යුද්ධය ආරම්භ වීමට හේතුව විය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS