චීන සමුළුවට මෝදි නෑ



‘එකම තීරයක් එකම මාවතක්’ යන නමින්, රටවල් 36 ක රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන්, චීනයේ බීජීං නුවර පැවැත්වෙන ජාත්‍යන්තර සමුළු වර්ජනය කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තීරණය කළේය.

ආසියා කලාපීය රටවල ස්වෛරීත්වය උල්ලංගනය වන අයුරින් චීනයෙන් බලපෑම් එල්ල වෙනවා යැයි ඉන්දියාව චීනයට චෝදනා කර තිබේ.

ඉන්දියාවට උතුරෙන් කාශ්මීර ප්‍රාදේශයට යාබදව පාකිස්තානයේ චීනය ‘ආර්ථික වේදිකාවක්’ නිර්මාණය කිරීමට සැරැසෙයි. එම ‘ආර්ථික වේදිකාව’ භාවිතා කරමින්, චීනයට පාකිස්තානය හරහා අරාබි මුහුදට පිවිසීමට ද හැකියාව හිමිවනු ඇත. මීට ද ඉන්දියාවෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

අගමැති නරේන්ද්‍ර මෝදි සමුළුව වර්ජනය කරන්නේ ඒ අනුව යැයි ඉන්දීය ස්වදේශ අමත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇතැයි එන්.ඩී.ටීවී පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් ද බීජීං පලා පැමිණියේය. ඔහුට චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් උණුසුම් පිළිගැනීමක් ද හිමිවිය.

සමුළුවට සමගාමීව, චීන රජය සහ පාකිස්තානය අතර අවබෝධතා ගිවිසුම් රැසක් අත්සන් තැබුණි. පාකිස්තාන ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වෙමින් චීනය ඇමෙරිකන් ඩොලර් 57 ක ණය ආධාර පාකිස්තාන රජයට පිරිනැමීමට ද එකඟ වුණැයි ද වාර්තා වේ.

චීන ජනාධිපති ෂී ජින්පින් බීජීං පැමිණි පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් පිළිගනිමින්

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS