චීන වැසියන්ට එන්නත නොමිලේ



කොවිඩ්-19 එන්නත් නිෂ්පාදනය, එන්නත බෙදාහැරීම සහ එන්නත විදීම යනාදී එන්නත්කරණයට අදාළ සියලු වියදම් ජනතාවගෙන් අය කර නොගන්නා බවත් අදාළ වියදම් වෛද්‍ය රක්ෂණ අරමුදලෙන් සහ රාජ්‍ය මුදල්වලින් පියවා ගන්නා බවත් චීනයේ ජාතික සෞඛ්‍ය සේවා ආරක්ෂක පරිපාලනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලි තාඕ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.

එන්නත්වලට අනුමැතිය ලැබුණු විගස එය ජනතාවට ලබාදෙන බව ද සියලු දෙනාට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී එන්නත ලබාගත හැකි බව ද හෙතෙම කීය.

මේ අනුව කිසිදු පුරවැසියකු ‘කොවිඩ්-19’ එන්නත ලබාගැනීම සඳහා මුදල් නොගෙවිය යුතු බව ද රටවැසියන්ගේ ජීවිතයට මුල්තැන යන ප්‍රතිපත්තිය යටතේ මෙලෙස නොමිලේ එන්නත ලබාදෙන බව ද ඔහු කීය.

‘කොවිඩ්-19’ එන්නත නොමිලේ ලබාදීමෙන් වෛද්‍ය රක්ෂණ අරමුදලේ දැනට ලබන ආදායම් හෝ වියදම්වලට හෝ සහ නේවාසිකයන්ට කරන ප්‍රතිකාරවලට අදාළ වියදම්වලට බලපෑමක් නොවන බව ද හෙතෙම පැවැසීය.

‘කොවිඩ්-19’ එන්නත නොමිලේ ලබාදීම මඟින් සාමාන්‍ය නිෂ්පාදනය සහ ජීවිතයට මහජනතාවට ඇති විශ්වීය ඇති අයිතිය සහ ආරක්ෂාව සුරක්ෂිත වන බවත් ලි තාඕ තවදුරටත් කීය.

බීජිංහිදීය (ෂිංහුවා ඇසුරිනි)


RECOMMEND POSTS