චීන ජනගහනය වර්ධනය අඩුවෙලා



චීනයේ ජනගහණය සීඝ්‍රයෙන් පහළ බැස ඇති බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.

විචාරකයින් පවසන්නේ එය චීන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වනු ඇති බවත්,.ලෝකයේ අන් රටවලට සාපේක්ෂව චීනයේ ජනගහන වර්ධන වේගය අඩු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත්ය.

චීන සමාජ විද්‍යා පර්යේෂණ ආයතනයේ ග්‍රීන් බුක් ඔෆ් පොපියුලේෂන් ඇන්ඩ් ලේබර් (Green Book of Population and Labour) වාර්තාවෙන් මේ බව තහවුරු වී තිබුණි.

මෙලෙස චීන ජනගහන වර්ධනයේ සීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබෙන්නේ වසර 70කට පසුව වීම විශේෂත්වයකි.ලෝකයේ වැඩිම ජනගහණය එනම් බිලියන 1.4ක් ජීවත් වන්නේ චීනයේයි.සිය ජනගහනය රට තුළ වැඩි වන්නට ගැනීමත් සමග චීනය විසින් 1979 වසරේදී එක් පවුලක් සහා එක් දරුවෙක් යන සංකල්පය හඳුන්වා දුන්නේය.

ඒ අනුව 2016 වසරේදී දරුවන් දෙදෙනෙක් සඳහා අවසර ලබා දෙනු ලැබූ නමුත් පසු ගිය වසර වන විට සිදුව ඇත්තේ ජනගහන වර්ධනයේ පහළ බැසීමක් බව සඳහන්ය.

නව ප්‍රතිපත්තිය හුන්වා දීමෙන් පසු උපත් 790000කින් ජනගහණය වැඩි වනු ඇතැයි අපේක්ෂා කළද 2018 වසර වන විට වාර්ෂිකව චීන ජනගහනය මිලියන 2.5 බැගින් අඩු වෙමින් පවතින බව අදාළ  සමීක්ෂණ වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ පිළිබව අදහස් දක්වන විශේෂඥයෙක් වන චීනයේ ජනගහණය සම්බන්ධව සමීක්ෂණයක නියැලෙන යී ෆුක්ෂියාන් පවසන්නේ මෙසේ ජනගහනය අඩුවීමේ ප්‍රවණතාව චීන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වනු ඇති බවයි.

සමීක්ෂණයන්ට අනුව මෙම ජනගහනය අඩුවීමේ ප්‍රවණතාව නැවත යථා තත්ත්වයට පත් ක නොහැකි බවත් ඉදිරියේදී අඛණ්ඩව චීන ජනගහනය අඩුවීම සීඝ්‍රයෙන් සිදු විය හැකි බවත් ඔහු පැවසීය.

දරුවන් බිහි කිරීම සහා සුදුසු වයසේ කාන්තාවන්ගේ අඩුවීමක් දක්නට ලැබීම,  වැඩිවන නිවාස, අධ්‍යාපන , සෞඛ්‍ය වියදම් හේතුවෙන් දරුවන් බිහිකිරීම සහා දෙමාපියන්ගේ අකමැත්ත, ආදී හේතූන් මේ සඳහා බලපානු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

( තිළිණි ද සිල්වා )
චයිනා ඩේලි ඇසුරෙනි.


RECOMMEND POSTS