චීන එන්නතත් සාර්ථකයි



චීන රජයේත් හමුදාවේත් අනුග්‍රහය යටතේ නිපදවා ඇති ‘සිනොවැක් බයෝටෙක්’ එන්නත ද ඇමෙරිකාව සහ රුසියාව නිපදවා ඇති ‘කොවිඞ් 19’ වළක්වන එන්නත් මෙන්ම සාර්ථක ප්‍රතිඵල අත්පත් කර දෙන බව චීන විද්‍යාඥයෝ අවධාරණය කරති.

චීන විද්‍යාඥයන්ට අනුව, මෙම එන්නත සිරුරට එන්නත් කිරීමෙන් පසු සති 4 ක් වැනි කෙටි කාලයකදී සිරුරේ ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිය නිර්මාණය වෙයි. ඒ අනුව, වයිරසය ආසාදනය වීමක් සිදු නොවෙයි.

කෙසේ නමුත්, රුසියාවේ ‘ස්පුට්නික් 5’ එන්නත ගැන හෝ ‘සිනොවැක් බයෝටෙක්’ එන්නත ගැන හෝ මෙතෙක් ලෝක සෞඛ්‍ය අමත්‍යාංශයේ අනුමැතිය හිමිවී නොමැත.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS