ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යයි



ඉදිරි වසර පහ ඇතුළත ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 කින් ඉහළ යනු ඇති බවත්, එය පෘථිවිවාසී සැමට අහිතකර ප්‍රතිඵල උදා කරනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මේ බව පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ ජගත් කාලගුණ සංවිධානයයි. උෂ්ණත්වය ඉහළ යෑම සම්භාවිතාවක් ලෙස සියයට 70 ක් යැයි ද පැවැසෙයි.

ගෝලීය උණුසුම මෙසේ ඉහළ යෑමට පටන් ගෙන ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් වශයෙනි. උෂ්ණත්වය මේ අයුරින් ඉහළ යද්දී, විපරිත කාලගුණ පෙරැළි රැසකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද එක්සත් ජාතීන්ගේ ජගත් කාලගුණ සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.

පැරිසියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS