ගෙදර වගේ රට පාලනය කරන්නා බැහැ - ඔබාමාගෙන් ට්‍රම්ප්ට අවවාදයක් !



පවුලේ ව්‍යාපාරයක් කළමනාකරණය කරන ආකාරයෙන් ධවල මන්දිරයේ සිට රට පාලනය කිරීමෙන් වළකින්නැයි තමන් නව ජනාධිපති අනුප‍්‍රාප්තිකයා වන ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට අවවාද කරන බව අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පවසයි.

ඒ බී සී රූපවාහිනිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප‍්‍රකාශ කර ඇති අතර ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු පෘථිවියේ ඇති විශාලතම සංවිධානයේ ප‍්‍රධානියා තමන් බව ඩොනල්ඩ් ට‍්‍රම්ප් සිතට ගතයුතු යැයි ද බරක් ඔබාමා ප‍්‍රකාශ කර ඇත.

අමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් රුසියාව අන්තර්ජාලය හරහා බලපෑම් කළ බව අමෙරිකානු බුද්ධි අංශ මීට පෙර චෝදනා කලේය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ඔබාමා ප‍්‍රකාශ කර ඇත්තේ සයිබර් ප‍්‍රහාරයන්ගෙන් සහ අන්තර්ජාලය හරහා වැරදි තොරතුරු සන්නිවේදනය වීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇතිවිය හැකි බලපෑම පිළිබඳ තමන් අවතක්සේරුවකින් සිටි බවයි.
 


( තිළිණි ද සිල්වා )
ඒ.බී.සී නාලිකාව ඇසුරෙනි...


RECOMMEND POSTS