ගැට්වික් ගුවන්තොට ප්‍රංශයේ සමාගමකට



ලොව වඩාත් කාර්යබහුල ගුවන්තොටුපොළක් වන එංගලන්තයේ ලන්ඩන් නුවර ‘ගැට්වික්’ ගුවන්තොටුපොළ ඇමෙරිකන් ඩොලර් 3.7 ක මුදලකට ‘විනිසි එස්.ඒ.’ නමැති ප්‍රකට ප්‍රංශ ඉදිකිරීම් සමාගමට විකුණා ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

2018 වසරේ ගැට්වික් ගුවන්තොටුපොළට පැමිණි මගීන් ගණන මිලියන 45.7 කි. එසේ වුවත්, පසුගිය වසර කිහිපය පුරාවට ගුවන්තොටුපොළ දැඩි පසුබෑමකට ලක් විය. ගුවන්තොටුපොළ විකිණීමට බලධාරීන් තීරණය කළේ ඒ අනුවය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS